හිටපු හමුදාපති සරත් ෆොන්සේකා වහා නිදහස් කර ගැනීමත්, පෞද්ගලික ව්‍යාපාර රජයට පවරා ගැනීමේ පනතට හා අයවැයට විරෝධය පෑම සඳහාත් දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති එකමුතුවෙන් ලබන 29 දින කොළඹ හයිඞ් පිටියේදී පැවැත්වීමට යන විරෝධතා රැළිය ගැන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ති‍්‍රවරු අද සවස කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පති‍්‍රකා බෙදුහ. මහලේකම් තිස්ස අත්නායක, වෛද්‍ය ජයලත් ජයවර්ධන, රවී කරුණානායක, රුවන් විජයවර්ධන, හරීන් ප‍්‍රනාන්දු යන මහත්වරුද එහි වූහ.