2005 මා බලයට ඇවිත් කිව්වා යුද්ධය නතර කරනවා කියල. අවුරුදු 30ක් තිබ්බ යුද්ධය අවුරුදු තුන හමාරෙන් නතර කළා. මං රට සංවර්ධනය කරනවා කිව්වා. සංවර්ධනය ආරම්භ කළා. මුළු රටේම මං මාවත්, රෝහල්, පාසල් සංවර්දනය කළා. දැන් මෙකද වෙලා තියෙන්නේ. ඒ ඒ සංවර්ධන කටයුතු එක තැන නතර වෙලා. ආණ්ඩු වෙනස් වන කොට කරගෙන ආ සංවර්ධන වැඩ ඉස්සරහට කරගෙන යා යුතුයි. සංවර්ධනය නරත කරන්න බෑ. හරියට රිලේ එකක් දුවනවා වගේ. බැටන් එක අරගෙන ඉස්සරහට යා යුතුයි. දැන් මේ ආණ්ඩුව මොකද කළේ . දින 180ක් පමණ රට පාලනය කළත් දින 100 කරනවා කියු පොරොන්දු එකක් වත් ඉටු කරන්න බැරිවුණා. දැන් ආයෙත් මාස 60කට බලය ඉල්ලනවා ලබා දුන් පොරොන්දු ඉටු කරන්න. අපි ජනතාවට පොරොන්දුවක් වුණොත් එක් ඉටු කරන්න ඕනෑ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මොරගොල්ලාගම නිකවැව පැවැති රැළියක සහභාගී වෙමින් පැවැසීය.



