ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට තෙදින වැඩමුළුවක්


(අජන්ත කුමාර අගලකඩ)

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහා ලබන සතියේදී තෙදින වැඩමුළුවක් පැවැත්වීමට ආණ්ඩුපක්ෂය තීරණය කර ඇත.

එම වැඩමුළුව ලබන 25 , 26 සහ 27 යන දින තුනේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (19) පස්වරුවේ පැවැති අණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ පළමු රැස්වීමේදී මේ පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කර ඇත.