(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ හදිසි රුස්වීමක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස 6. 30 ට අරලියගහ මන්දිරයේදී පැවැත්වේ.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඇතිව තිබෙන ආන්දෝලනය සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
එහෙත් වරාය නගර පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඇතිව තිබෙන ආන්දෝලනය හේතුවෙන් එම රුස්වීම අද පස්වරුවේ පැවැත්වීමට රජය තීරණය කර ඇතැයි පැවසේ.
මේ අතර ,ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුවේ කටයුතු විවේචනය කරන අයට එරෙහිව විනය පියවර ගන්නැයි අද පැවැත්වෙන ආණඩු පක්ෂ රුස්වීමේදී ඉල්ලීමක් කිරීමට මැති ඇමතිවරුන් පිරිසක් සූදානමින් සිටින බවද වාර්තා වේ.

