ආණමඩුවේ බුලත් කොළේ ඉරයි


ආණමඩුව , විල්පත ප්‍රදේශයේ පිහිටා තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයක් කඩා දමා ඇති බවට පල්ලම පොලීසියට පැමිණිල්ලක් කර ඇති බව පොලීසිය කියයි.

තමා පවත්වාගෙන ගිය පක්ෂ කාර්යාලය බදාදා රාත්‍රියේ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් කඩා දමා ඇති බවත් එය නිත්‍යානුකූලව පවත්වාගෙන ගිය එකක් බවත් හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය ආණමඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ප්‍රියංකර ජයරත්න මහතා පැවසීය.

බදාදා අගමැතිවරයා පැමිණ ආණමඩුව පැවති රැලියෙන් පසුව ආණමඩුව ප්‍රදේශීය සභාවේ මන්ත්‍රිවරයකු ඇතුළු පිරිසක් පැමිණ කාර්යාලය කඩා දමා පාලිත රංගේ බංඩාර මහතාගේ අංකය සහිත ටී ෂර්ට් එකක්ද එහි දමා ගොස් ඇති බව අමාත්‍යවරයා කීවේය.

_____-______-_______-2015-07-30)-(1) _____-______-_______-2015-07-30)-(2) _____-______-_______-2015-07-30)-(4) _____-______-_______-2015-07-30)-(6) _____-______-_______-2015-07-30)-(8) _____-______-_______-2015-07-30)-(13) _____-______-_______-2015-07-30)-(17) _____-______-_______-2015-07-30)-(24)