පුත්තලම ආණමඩුවේ සිට දියතලාවේ මංගල උත්සවයක සහභාගීවීම සඳහා යන පිරිසක් රැගත් බසයක් හාලිඇළ අඹවකදී පාරෙන් ඉවතට පැන ගලක හැපීමෙන් දස දෙනෙක් තුවාල ලැබීය. තුවලාකරුවන් අතර කාන්තාවන් පස් දෙනකු සිටින බව පොලිසිය කියයි. තුවාල කරුවෝ බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබති. අනතුර සිදුවන අවස්ථාවේ එහි 34 දෙනක් ගමන් කර ඇතැයි පොලිසිය කියයි. පෙරදින ද මෙම ස්ථානයේ දී වෑන් රථයක් මේ ආකාරයෙන් අනතුරට ලක් වීමෙන් තිදෙනෙක් තුවාල ලැබූහ.






