හිරාන් ප්‍රියංකර ජයසිංහ
ආණමඩුව නගරයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක සිසුන්ගේ පහර කෑමට ලක්වු ගුරුවරයකු අද (19) ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කර ඇතැයි ආණමඩුව පොලිසිය පවසයි.
අදාළ ප්‍රසිද්ධ පාසලේ 13 වැනි ශ්‍රේණියේ තාක්ෂණික විෂය ඉගැන්විම්වල නිරතව සිටි ගුරුවරයා එම විෂය සම්බන්ධව සිසුවකු කළ ක්‍රියාවකට දඬුවම් කර ඇති බවත් එයට කිපුණු එම පන්තියේ සිසුන් පිරිසක් ඉගෙන්විම්වල නිරතව සිටි ගුරුවරයාට නින්දිත ආකාරයෙන් බිම දමාගෙන පහර දී තිබේ.
කෙසේ නමුත් සිද්ධියෙන් පසුව සිසුන්ගේ පහර කෑමට ලක්වු ගුරුවරයා සහ ගුරුවරයාගේ පහර කෑමට ලක්වු සිසුවා ද ප්‍රතිකාර සඳහා ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කර තිබිණි.
ආණමඩුව දිසා රෝහලේ ප්‍රකාශකයකු පවසා සිටියේ සිසුන්ගේ පහර කෑමට ලක්වු ගුරුවරයාගේ සිරුර පුරා තැලිම් තුවාල ඇති බවයි.
මෙම ප්‍රසිද්ධ පාසලේ සිසුන් මෙයට පෙර අවස්ථා ගණනාවකදී ද නගරයේ දී ගැටුම් ඇති කර ගෙන ඇති බවද කියයි.