ආජන්ටිනාව ජෝජියාව පරදා අර්ධ අවසන් පූර්ව තරගයට
නවසීලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ පළමු වටයේ අද (2) පැවැති අවසන් තරගයේදී ආජන්ටිනාව ලකුණු 25-7 ක් ලෙස ජෝජියාව පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පැමිණියේය. එංගලන්තය තරග හතරම ජය ලබා එම කාණ්ඩයේ පළමු ස්ථානයට පත්විය.

