
ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වූ ආචාර්ය සූරිය ගුණසේකර මහතා අද පෙරවරුවේ සිය නිවසේදී අභාවප්‍රාප්ත විය.
මියයනවිට 81වන වියේ පසු වූ ඒ මහතා එක්දරු පියෙකි.
හෙතෙම ගවේෂණාත්මක ඉතිහාසඟුයකු මෙන්ම ප්‍රකට ලේඛයකු හා දේශකයකු ද වේ. ඉතාමත් දැඩි දේශාභිමානීයකු වූ ආචාර්ය ගුණසේකරයන් ලියු ග්‍රන්ථ අතර සූක්ෂමව වනසන සිංහල ,ඓතිහාසික රාවණා , කොටි දඩයම, මහා ඓතිහාසික අසාධාරණ ය ලංකා ඉතිහාසයේ හෙළ යුගය, යනාදිය වේ.
ආචාර්ය ගුණසේකර යන් ජාතික පුවත්පත් රැසකට විශේෂාංග ලිපි සපයා ඇති අතර ලන්ඩන් ගිය බණ්ඩා විශේෂාංග ලිපිය ඒඅතර ඉතා ජනප්‍රිය ලිපියක් සේ සැළකේ.
ඒ මහතා සංස්කෘතික අමාත්‍යාංශයේ හිටපු ලේකම් වරයකු මෙන්ම සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ලේකම් ධුරයේද කටයුතු කළ අයෙකි.
දේහය පිටකෝටිටේ කෝට්ටේ පාරේ රුවන් පෙදෙසේ අංක454/2 නිවසේ තැන්පත් කර ඇත අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ
ආරියරත්න රණබාහු

