(ආරියරත්න රණබාහු)
හෙළයේ මහා සිනමාවේදී අභාවප්‍රාප්ත ලෙස්ටර් ජේම්ස් පීරීස් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම එතුමාගේ නිවසේදී අද (02) සිදු කෙරිණි.
කලාකරුවන් රැසක් මෙන්ම පවුලේ ඥාතීහු මේ අවස්ථාවට එක් සිටි අතර කතෝලික ආගමික වතාවත් සිදුකර අවසන් ගෞරව දැක්වීම සිදු කළහ.
අනතුරුව දේහය රැගත් රථ පෙරහර තිඹිරිගස් යාය,පොලිස් පාර්ක්, තුම්මුල්ල , බෞද්ධාලෝක මාවත හරහා චිත්‍රපට සංස්ථාව අසළට ළඟා විය.අනතුරුව ඒ අභියසදී කලාකරුවන් දේහය භාරගත් අතර එහි රැස්ව සිටි සියලු ජනතාව එතුමාගේ දේහයට පුෂ්පෝපහාර දැක්වුහ.
දේහය රැගත් පෙරහර ජාතික රූපවාහිනී සංස්ථාව ,ගුවන්විදුලි සංස්ථාව අසලින් ප්‍රේමකීර්ති මාවත ඔස්සේ නිදහස් චතුරඝ්‍රයට ළඟා වු අතර එහි මග දෙපස රැස්ව සිටි ජනතාවද දේහයට පුෂ්පෝපහාර දැක්වුහ.
මේ වන විට මහජන ගෞරවය සඳහා දේහය නිදහස් චතුරස්‍රයේ තැන්පත් කර ඇත. සවස 03 ට අවමංගල සභාවේ කටයුතු ආරම්භ කෙරෙන අතර සවස 06 ට අවසන් කටයුතු සිදුකිරීමට නියමිතව ඇත.
ඡායාරූප - චතුර එස් කොඩිකාර





