ආගමික ස්ථානවල මැතිවරණ ප්‍රචාරක කටයුතු තහනම්


(රංජන් කස්තුරි)

මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු කිසිදු ආගමික සිද්ධස්ථානයක දී සිදුකිරීම තහනම් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ කාලසීමාවේ දී පන්සල්, පල්ලි, කෝවිල්, දේවස්ථාන හා වෙනත් පූජනීය පරිශ්‍රවල දේශපාලන රැස්වීම් පැවැත්වීම, ආධාර බෙදීම, සුබ සාධන කටයුතු හා වෙනත් වැඩසටහන් පැවැත්වීම තහනම් වන බවද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියයි.

ආගමික වැඩසටහන් පවත්වන මුවාවෙන් පූජනීය භූමිවලට දේශපාලනඥයින් සහභාගීවන වැඩසටහන්වලට ඉඩ නොදෙන්නැයි සියලු ආගමික නායකයින්ගෙන් ලිඛිත ඉල්ලීමක් කරන බවද දේශප්‍රිය මහතා පවසයි.