ආගමන විගමන නිලධාරීහු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙති


(ආරියරත්න රණබාහු)

ආගමන හා විගමන නිලධාරීන්ගේ ඉල්ලීම් තුනකට විසඳුම් මේ මස 30වැනිදාට පෙර ලබා නොදුනහොත් වෘත්තීය ක්‍රියා මාර්ගයකට යන බව ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරින්ගේ සංගමය පවසයි.

එම ඉල්ලීම් වනුයේ ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරී සේවය සඳහා වූ ව්‍යවස්ථාව ස්ථාපිත කිරීම, විදේශීය දූත මණ්ඩලවලට ආගමන හා විගමන නිලධාරීන් ඇතුළත් කිරීම හා දෙපාර්තමේන්තුවේ නඩු පැවරීමේ අංශය නැවත ස්ථාපිත කිරීමයි.

කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ දී අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී එම සංගමයේ සභාපති අරුණ කලුගල මහතා මේ බව පැවසීය.