ආගමන විගමන නිලධාරීයාට ලක්‍ෂ 30 ක දඩයක්


(කටුනායක ටී.කේ.ජී.කපිල )

රුපියල් 3,60,00,000 ක් වටිනා රන් බිස්කට් සඟවා ගෙන සිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරිවරයා පිළිබඳ වැඩිදුර රේගු පරීක්ෂණය අද (23) දින කටුනායක ගුවන් තොටුපොළ රේගු පරිශ්‍රයේ දී නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ මලික් ජයමාල් පෙරේරා මහතා විසින් පවත්වනු ලැබීය.

එහිදී එම රන් බිස්කට් සියල්ල රාජසන්තක කළ අතර, මෙම නිලධාරීවරයාට රුපියල් ලක්ෂ 30 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ .

 මේ අතර මෙම නිලධාරීවරයාට එරෙහිව දෙපාර්තමේන්තු මට්ටමින් ද විනය පරීක්ෂණයක් සිදු කරන බව එම දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු පැවසීය