නිමන්ති රණසිංහ
ආගමන විගමන නිති උල්ලංඝනය කරමින් මෙරට රැදී සිට උපයාගත් ආකාරය හෙළිකළ නොහැකි අන්දමින් මෙරට බැංකු ගිණුමක රුපියල් කෝටි 96කට ආසන්න මුදලක් තැන්පත් කළැයි කියන සිද්ධියකට අදාළව චීන ජාතිකයින් දෙදෙනකු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් දෙදෙනා 12 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය.
එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ සූ ඩියෑන් සන්ග් සහ වෙයි බින් ලයි නැමැති චීන ජාතිකයින් දෙදෙනකි. මෙම සැකකරුවන් දෙදෙනා සන්තකයේ චින ජාතිකයින් 8 දෙනෙකුට අයත් විදේශ ගමන් බලපත්‍ර 8ක් තිබී අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් දෙදෙනා සංචාරක වීසා ලබා ගනිමින් පැමිණ මෙරට රැදී සිටීම සඳහා නේවාසික විසා පත්‍ර ලබාගැනීමට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ඇති බවත් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ ඒකක 02 හි ස්ථානාධිපති ප්‍ර. පො. ප. ෆ්‍රැන්සිස් මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
ආගමන විගමන නිති උල්ලංඝනය කළ චීන ජාතිකයින් 2ක් රිමාන්ඩ්
Recommended Articles