ආගමන -විගමන නිලධාරීන්ගේ අකුරට වැඩ කිරීමේ වර්ජනය අවසන්



 (ටී.කේ.ජී.කපිල )


ආගමන - විගමන නිලධාරීන් ආරම්භ කර තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය   අද (18 )  නවතා දැමීමට  තීරණය කළ බව  ආගමන - විගමන නිලධාරීන්ගේ සංගමය තීරණය කළ බව එම සංගමයේ සභාපති අනුර කණුගල මහතා  පැවසීය.


 විෂයභාර අමාත්‍ය එස්.බී.නාවින්න  මහතා    ඔවුන්ගේ ඉල්ලීම්   සම්බන්ධයෙන්   දෙනු ලැබු   ලිඛිත පොරොන්දුවක් මත  අද සවස 3.20 ට පමණ අත් මෙම වර්ජනය නවතා දැමීමට ඔවුහු තීරණය කළහ.


ආගමන - විගමන දෙපාර්තමේන්තු  නිලධාරීන්ගේ මෙම ඉල්ලීම් තුන ලබන අගහරුවාදා කැබිනට් අනුමැතියට යොමු කර  විසඳුම ලබා දෙන බවද අමාත්‍යවරයා සඳහන් කර ඇතැයි කණුගල මහතා  සඳහන් කළේය.