අ’පුරේ වයෝවෘද්ධ අයෙක් මහ මඟ දමා යයි


(දයාරත්න ඇඹෝගම)
 
වාහනයකින්  පැමිණි පිරිසක් වයෝවෘද්ධ  පුද්ගලයකු අද (27) අනුරාධපුර   බැංකු පෙදෙසේ අතුරු මාර්ගයක දමා  පලා ගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි.
 
ගිනි  අව්වේ බිම වැතිර සිටි මෙම පුද්ගලයාට සෙවනක්  සාදා දුන් අසල්වැසියන් සිද්ධිය පොලිසියට දැනුම්  දිමට පියවර ගත්තේය.
 
පසුව නගර සභාවේ  ගිලන්  රථයෙන් මෙම වයෝවෘද්ධ පුද්ගලයා අනුරාධපුර රෝහලට ඇතුළත් කෙරිණි.  
 
මෙම වයෝවෘද්ධ පුද්ගලයා මහමඟ දමා ගිය හඳුනා ගැනීම සඳහා අනුරාධපුර  පොලිසිය  වැඩිදුර පරික්ෂණ  සිදු කරයි.