(දයාරත්න ඇඹෝගම)
පොසොන් උත්සවයේ ආරක්ෂක රාජකාරි කටයුතු සඳහා අනුරාධපුරයට පැමිණෙන පොලිස් නිලධාරින්ට නවාතැන් පහසුකම් ලබාදීමට මේ මස 25 වැනි දා සිට 29 වැනි දා දක්වා පහත සඳහන් පාසල් වසා දමන බව උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අනුරාධපුර මධ්‍ය විද්‍යාලය,අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය,සහිරා මුස්ලිම් මහා විද්‍යාලය,මහා බෝධිය විදුහල,මිහින්තලේ මහා විදුහල සහ තන්තිරිමලේ විමලඥාණ යන පාසල්ය.
මිට අමතරව පහත සඳහන් පාසල් මේ මස 28 සහ 29 යන දෙදින පමණක් වසා දැමීමටද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තිරණය කර ඇත.
එම පාසල් මෙසේය. අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විදුහල, විවේකානන්ද මහ විදුහල, නිවන්තකචේතිය මහ විදුහල, කම්මලක්කුලම විදුහල, කුරැන්දන්කුලම මහා විදුහල, මිහින්තලේ මුස්ලිම් විද්‍යාලය සහ මිහින්තලේ ආදර්ශ ප්‍රාථමික පාසල යන පාසල්ය.

