අ’පුර මැදි විදුහලේ ස්මාට් පන්ති නවත්වන්නැයි උද්ඝෝෂණයක්



 
(දයාරත්න ඇඹෝගම)


රජයේ නිර්දේශය මත අනුරාධපුර මැදි විදුහලේ  සාපෙළ අසමත් සිසුන් සඳහා පවත්වා ගෙන යන ද්විතියක අධ්‍යාපනය හැදැරිමේ (ස්මාට්) පංති ඉවත් කරන ලෙස ඉල්ලා ආදි සිසුන් සහ දෙමාපියෝ අද (25) අනුරාධපුර මැදි විදුහල ඉදිරි‍පිට උද්ඝෝෂණයක නිරත වෙති.


මෙම උද්ඝෝෂණයට එක්වු අනුරාධපුර මැදි විදුහලේ ආදි සිසු සංගමයේ ලේකම් දිමුතු චින්තක දේවප්‍රිය මහතා මෙසේ පැවසිය.


සි.ඩබ්.ඩබ්.කන්නන්ගර මහතා විසින් පිහිටවු මැදි විදුහල් 54 න් එකක් තමයි අනුරාධපුර මැදි විදුහල. මෙම විද්‍යාලයට ඇතුළත් වන්නේ ශිෂ්‍යත්වය සමත් සිසුන්. ඒ වාගේ අපොස සාමන්‍ය පෙළ උසස් පෙළ ඉහලින්ම සමත් සිසුන්.


එසේ තිබියදි සාමාන්‍ය පෙළ අසමත් සිසුන්. එසේම ඔවුන් විනය විරෝධී ආකාරයටත් හැසිරෙනවා.මේ නිසා පාසලේ විනය පිරිහිලා තිබෙනවා. එම නිසා මෙම ස්මාට් පංති වෙනත් ස්ථානයක පිහිටුවන ලෙස ඉල්ලා සිටිනවා.