අ’පුර නිල් පුරපති අලියා පිට නඟී
එක්සත් ජනතා නිදහස් සංධානයේ අනුරාධපුර හිටපු නගරාධිපති දොස්තර කිත්සිරි කල්දෙරා අනුරාධපුර ඇලයාපත්තුවේ දී එක්සත් ජාතික පක්ෂ වේදිකාවට පැමිණියේය. එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වය පිළිගන්නා බව ද එම පක්ෂයේ ක‍්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන බව ද ඔහු කීවේය.

