අ’පුර නගර සබේ මුදල් වංචාව ගැන රහස් පොලිසියෙන් පරික්ෂණ අරඹයි


(උපාලි ආනන්ද)

 

අනුරාධපුර මහ නගර සභාවේ සිදුවී ඇති බව කියන රුපියල් තුන් කෝටි අසූ හත් ලක්ෂයක මූල්‍ය වංචාව සම්බන්ධයෙන් එම නගර සභාවේ සේවය කළ ප‍්‍රධාන ලිපිකරුවන් සිව් දෙනෙකු සහ ආදායම් පාලකවරයකු ඇතුළු තවත් සේවකයින් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා රහස් පොලිසිය විමර්ශන ආරම්භ කරයි.

මෙම මහා පරිමාණ මුදල් වංචාව සිදුවී ඇති බව කියනුයේ 2013 වසරේ සිට 2018 වසර දක්වා වංචා කර ඇති මුදල රුපියල් තුන් කෝටි අසූ හත් ලක්ෂයක් බවට රහස් පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී දැනට හෙළිකර ගෙන තිබුණ ද වංචා කර ඇති එම මුදල රුපියල් කෝටි හතකට ආසන්න බවට විමර්ශන කණ්ඩායම් සැක පළ කරයි.

මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් රහස් පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්  කළ අනුරාධපුර මහ නගර සභාවේ වැටුප් විෂය බාර නිලධාරය මේ මස 10 වැනි දා දක්වා රිමන්ඩ් බාරයට පත් කරනු ලැබ සිටියි.