(උපාලි ආනන්ද)
අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයා සහ උතුරුමැද පළාත් සභාවේ හිටපු සභාපතිවරයා ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු ජුනි 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස තඹුත්තේගම වැඩබලන මහේස්ත‍්‍රාත් පුෂ්පපානී වික‍්‍රමසිංහ මහත්මිය අද (17) නියෝග කළාය.
එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර දිස්ත‍්‍රික් සාමාජික ප‍්‍රවර්ධන නිලධාරිවරයා ලෙස කටයුතු කරන අනුරාධපුර දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරික්ෂක ආනන්ද වේරගොඩ මහතාගේ නිවසට බෝම්බ ගසා රුපියල් ලක්ෂ 30 ට අධික දේපල අනර්ථයක් සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ බවට චෝදනා ලැබ සිටී.
ඒ මෙම සැකකරුවන් නීතිඥයින් මාර්ගයෙන් පොලිසියට බාර වූ අවස්ථාවේ මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල තඹුත්තේගම මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ කැඳවිණි.
මෙසේ බන්ධනාගාර ගත කලේ අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති එච් පී සෝමදාස උතුරු මැද පළාත් සභාවේ හිටපු සභාපති ටී. එමි. ආර්. සිරිපාල, රාජාංගනය ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සමන් නිල්මිණි සහ ග‍්‍රාම නිලධාරී ජගත් චන්ද්‍රසිරි යන සැකකරුවන්ය.
මෙම සැකකරුවන් බන්ධනාගාර ගත කරන ලෙස වැඩබලන මහේස්ත‍්‍රාත්වරිය නියෝග කළ පසුව අධිකරණ බැඳුම්කර ලේඛනද අත්සන් නොකර මෙම සැකකරුවන් පමණක් බන්ධනාගර බස් රථයෙන් අනුරාධපුර බන්ධනාගාරයට යවනු ලැබීය.
සැකකරුවන් මෙම අපරාධය සදහා යොදා ගත් බවට සැකකරන වාහන වහාම අත්අඩංගුවට ගන්නා ලෙසද එවකට හිටපු මහේස්ත‍්‍රාත් ඉලංගසිංහ මහතා තඹුත්තේගම පොලිසියට එහිදි තවදුරටත් නියෝග කෙරිණි.
1999 වසරේ පැවැති ජනාධිපතිවරණ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු පැවැති සමයේ උතුරු මැද පලාත් සභාවේ හිටපු සභාපති ටී.එමි.ආර්.සිරිපාල ඇතුළු සැකකරුවන් මෙම අපරාධය සිදකර ඇති බව පොලිස් විමර්ශනවලදි අනාවරණය වී තිබේ.
සැකකරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥයින් වන රංජිත් රාජකරුනා එච් බී රත්නායක උත්තරා අබේසිංහ නීතිඥයින් වන දර්ශන කුරුප්පු රෝහණ පේ‍්‍රමලාල් නලීන් දිමුතු බංඩාර ශ‍්‍ර‍්‍ර‍්‍ර‍්‍රි ලාල් තලංගල්ල තරංග සංජීව සහ ඉදුනිල් හෙට්ටිආරච්ච් යන මහත්ම මහත්මීහු පෙනී සිටියහ.
අගතියට පත් පැමිණිලිකාර ආනන්ද වේරගොඩ මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ කිත්සිරි ද සිල්වා මහතා පෙනී සිටියේය. පැමිණිල්ල වෙනුවෙන් තඹුත්තේගම මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අතුකෝරාල මහතා සමඟ එම පොලිසියේ නිලධාරීහු කණ්ඩායමක් පෙනී සිටියහ.

