(අතුල බණ්ඩාර)
අනුරාධපුර - පුත්තලම ඒ 4 ප්‍රධාන මාර්ගයේ බුලංකුලම ප්‍රදේශයේ දී ඊයේ (26) තරුණියන් දෙදෙනෙකුට දිවි අහිමි කළ රිය අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකරන අනුරාධපුර පොලිසිය, එම තරුණියන් යට කළ හරක් ලොරිය පසුපස කැබ්රථයකින් පන්නාගෙන ගිය පොලිස් සැරයන්වරු දෙදෙනාගේ වැඩ තහනම් කර ඇත.
මෙලෙස මිය ගොස් ඇත්තේ ජයනි චතුරිකා ජයකොඩි (32) සමාධි නවෝදනා ජයකොඩි (29) එකම පවුලේ අක්කා නගෝ වෙති.

