අ‘පුරේ හයදහසකට තැපැල් ඡන්ද කොළේවත් පුරවගන්න බෑ


අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවකයන් 5839 දෙනකුගේ තැපැල් ඡන්ද අයදුම්පත් ප්‍රතික්ෂේප වී ඇතැයි සහකාර මැතිවරණ කොමසාරිස් අසංක රත්නායක මහතා කියයි.

අයදුම්පත් 50328ක් එවා තිබිණි. එයින් 44489ක් පමණක් ඡන්දය දීමට සුදුසු අයදුම්පත් සේ තෝරාගෙන ඇත.

රජයේ, පොලිසියේ, යුද හමුදාවේ හා වෙනත් අංශවල අය තැපැල් ඡන්දය දීමට සුදුසුකම් ලබා ඇත. අගෝස්තු 3,5,6 දිනයන්හි තැපැල් ඡන්දය පැවැත්වේ.