අ‘පුරේ ගමක් යටවේ


(චින්තක ක්‍රීෂාන්ත බාලසූරිය)

පවතින අධික වර්ෂාවත් සමඟ නොච්චියාගම කටුරොදගම ගම්මානය ජල ගැලීමෙන් හතර වටින්න ජලයෙන් කොටුවී  ගම්මානයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගය හා පාලමද ජලයෙන් යට වී ඇතැයි ගම්වාසීහු පවසති.

මේ හේතුවෙන් ගම්මානයේ ජනතාව දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි ගම්වාසූහ පවසති.

ජලයෙන් කොටුවූ ගම්මානය තුළ පිරිමි පමණක් රැඳී සිටින අතර කාන්තාවන් මේ වන විට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් මුදවා ගෙන රාජාංගනය යාය 18 මාලිගාතැන්න රජමහා විහාරයේ තාවකාලිකව රඳවා ඇතැයි, නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කර සිටියේය.

ජල ගැලීමෙන් ආපදාවට පත්වූ කටුරොදගම ගම්වාසීන් මෙවර මහ කන්නයේ වගා කළ ගොඩ බෝග හා ඔවුන් වගා කර ඇති ස්ථිර භෝග සහිත ගොවිතැන් වන අලින්ගෙන් ආරක්ෂා කරගැණිම වෙනුවෙන් පිරිමි සිදුව ඇති බවත්, ජලයෙන් මොන තරමට පීඩාවට පත් වූවත් වගාවන් ආරක්ෂා කර ගැනීමෙ උත්සාහයක නිරත වන බවත් ඒ වෙනුවෙන් ගමින් පිටව නොයන බවත් ගම්වාසින් අප කළ විමසීමකදී පැවසූහ.