අ‘පුර සමාජ ශාලාවේ යුද්ධයක්


අනුරාධපුර කඩ පනහ අසල රාත්‍රී සමාජ ශාලාවකට කඩා වැදුණු දාමරිකයන් පිරිසක් එහි හිමිකරු බව කියන පුද්ගලයා කපා කොටා මරා කළමනාකරුට පිහියෙන් ඇන වාහන 10 - 15 ක් පමණ පොඩි පට්ටම් කර ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.

වෙඩි හඬ වැනි හඬක් ඇසුණු බව අසල්වැසියෝ කියති.නමැති මෙම සමාජ ශාලාවේ මීට පෙරද ගැටුම් ඇතිවී ඇතැයි පොලිසියට පැමිණිලි ලැබී ඇත.

කිසිවකු මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නැති අතර මීට පෙරද පොලිස් නිලධරයකු බව කියන පුද්ගලයකු සාදයකට සහභාගීවී සිටියදී මියගිය බව කියති.

ඝාතනයට ලක්ව ඇති වසන්ත සොයිසා නමැති සමාජ ශාලා හිමිකරු දක්ෂ කරාටේ ශූරයකු බව කියති. ඔහු කොන්ක්‍රීට් තම නළලෙන් කඩා ගිනස් වාර්තාවක්ද පිහිටුවා ඇත.

 ---------------------- ------------------------------ ----------------------------------------- ------------l------------------