(උපාලි ආනන්ද)
මෙතෙක් කලක් පැවැති අනුරාධපුර විශේෂ මහාධිකරණය අහෝසි කිරීමට අධිකරණ සේවා කොමිසන් සභාව තීරණය කර ඇත. ඒ අනුව මෙතෙක් කලක් අනුරාධපුර විශේෂ මහාධිකරණය ලෙස පැවැති මෙම අධිකරණය මින් ඉදිරියට උතුරු මැද පළාත් බද මහාධිකරණ අංක දෙක ලෙස නම් කරනු ලැබ ඇත.
අනුරාධපුර විශේෂ මහාධිකරණය 2014 වසරේ සැප්තැම්බර් 24වැනිදා ස්ථාපිත කළේ ත‍්‍රස්තවාදි ක‍්‍රියා වලට සමේබන්ධ නඩු සහ ළමා අපයෝජන සිද්ධීන්වලට අදාල නඩු පමණක් විභාග කිරීම සඳහාමය. ඒ එවකට අගවිනිසුරුවරයාව සිටි මොහාන් පීරීස් මහතා විසිනි.
අනුරාධපුර ගුවන් හමුදා කදවුරට කොටි ත‍්‍රස්තවාදීන් ගුවනින් හා ගොඩ බිමින් එකවර ප‍්‍රාහාර එල්ල කර ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා 10 ක් සම්පූර්ණයෙන්ම විනාශ කර තවත් ගුවන් යානා 6 ක් අර්ධ වශයෙන් විනාශ කර ආරක්ෂක අංශ සාමාජිකයින් 14 දෙනෙකුද මරණයට පත් කර රුපියල් කෝටි හාර සියයක පමණ දේපල අනර්ථයක් සිදු කිරීමේ සිද්ධියට අදාල නඩුව සහ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රාහාරයකින් මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 32 ක් මරණයට පත් කිරීමේ සිද්ධියට අදාල නඩුව විභාග වන්නේ මෙම මහාධිකරණය තුළය.

