අ‘පුර රෝහලේ වර්ජනය අවසන්


(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෙද,පරිපුරක සේවා සහ අතුරු වෛද්‍ය සේවා නිලධාරින් අද (21) ආරම්භ කළ වැඩ වර්ජනය අද පස්වරුවේ අවසන් කළ බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවිර මහතා පවසයි.

අතිකාල කප්පාදුවට එරෙහිව සහ හිඟ අතිකාල නොගෙවිමට විරෝධය පළ කරමින් එම විරෝධතාව පැවැත්විණි.

හිඟ අතිකාල ගෙවිමට පියවර ගන්නා බවටත් ඇඟලි සලකුණු යෙදිම පිළිබඳව පසුව දැණුම් දිමට කටයුතු කරන බවටත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කළ දැණුම් දිම මත මෙම වර්ජනය අවසන්වු බව අධ්‍යක්ෂකවරයා කීය.