අ‘පුර රදගුරුත් කාදිනල් මඟ යයි


මොරටුව රාවතාවත්තේ ප්‍රේම් ළමා නිවාසයේ වැටලීම සම්බන්ධයෙන් සාධාරණය ඉටුවනතුරු අනුරාධපුර  ශාන්ත ජෝෂප් ආසන දෙව්මැදුරේදී මෙවර රාජ්‍ය නත්තල් උළෙලින් තමා බැහැර වන බව නෝබට් අන්ද්‍රදි අනුරාධපුර රදගුරුතුමෝ පවසති. මේ බව එතුමෝ ක්‍රිස්තියානි කටයුතු දෙපාර්තමේන්තුවට ද දැන්වුහ. කොළඹ අගරදගුරු මල්කම් රංජිත් කාදිනල් තුමෝ එවැනි තීරණයක් මීට කලින් ගත්හ.