අ‘පුර මැදි විදුහලට අපලයක්
අනුරාධපුර මැදි විදුහලේ පාලනයට එරෙහිව ආදි ශිෂ්‍ය සංගමයේ සියයක් පමණ විරෝධතාවයක් පැවැත්විය. විදුහල්පතිනිය ඉවත්විය යුතුයැයි කියමින් පාසලේ ගුරුවරයකු වන දියබෙදුමේ සුමනසාර හිමියෝ උපවාසයක් ද ඇරැඹූහ. මේ සම්බන්ධයෙන් මාධ්‍යයට කිසිවක් කිව නොහැකි බව විදුහල්පතිනි මැණිකේ ජයසේන මහත්මිය කීවාය.

