අ‘පුර මැතිවරණ රාජකාරී කළ ගුරුවරුන්ගේ දීමනා ගෙවා නැහැ



(දයාරත්න ඇඹෝගම)


අනුරාධපුර  කලාප  අධ්‍යාපන කාර්යාලය  විසින්  පසුගිය පළාත් පාලන මැතිවරණ රාජකාරි වල නිරතවු  තමන්ට ඒ සදහා ලැබිය යුතු මැතිවරණ රාජකාරි දිමනා මෙතෙක් ගෙවා නොමැති බව එම ගුරුවරු  පවසති.

 

ගුරුවරුන්ගේ මෙම මැතිවරණ රාජකාරි සදහා ගොස්  මේ වන විට මාස තුනකටද වැඩි කාලයක් ගත වි ඇතත්  නිලධාරින් හිතාමතාම මෙම  මුදල් ගෙවිම පැහැර  හැර ඇතැයි  මේ පිළිබඳව  අදහස් දැක් වු ලංකා  ගුරු සංගමයේ  සභාපති  ප්‍රියන්ත ප්‍රනාන්දු  මහතා  පවසයි.

 

ලංකාවේ සියලුම කලාප අධ්‍යාපන කාර්යාල වල තිබෙන අකාර්යක්ෂම තාවය මෙයට  හේතු  වෙලා නිලධාරින් නිසි  ලෙස රාජකාරි  නොකිරිම නිසා  ගුරුවරු  කළ කිරිමට පත්වෙලා  කඩිනමින්  මුදල් ගෙවන්න  කියා අපි ඉල්ලා සිටියත් මෙතෙක් එය ක්‍රියාත්මකවි නැති බවද ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙහිදි සදහන් කළේය.


මේ සම්බන්ධයෙන් අප අනුරාධපුර සහකාර මැතිවරණ කොමසාරිස් අසංක රත්නායක මහතා ගෙන් කළ විමසුමේදි කොමසාරිස්වරයා මෙසේ පැවසිය. 


පළාත් පාලන මැතිවරණයේදි ගුරුවරු තුන්දහසක්ම රාජකාරි කටයුතු වල නිරත වුණා. ඉන් දාහක්ම ගුරුවරු අනුරාධපුර අධ්‍යාපන කලාපයේ. සමහර ගුරුවරු ගෙවිම් කිරිමට ඉදිරිපත් කරන ලද ලිපි ලේඛනවල යම් යම් අඩුපාඩු තිබුණා. ගුරුවරුන්ගේ  ගෙව්ම් යම් ප්‍රමාදයක් තියෙන්න ඇති. මේවන විට බොහෝ පිරිසකගේ ගෙවිම් සිදුකර අවසන්'