අනුරාධපුර පුසියන්කුලම විද්‍යාලයේ ගුරුවරියට පහර දුන් සිසුවාගේ පියා මෙතෙක් අත් අඩංගුවට නොගැනීමට විරෝධය පළකරමින් විදුහලේ ගුරුවරු ඉගැන්වීම් කටයුතු වලින් බැහැරවී සිටින බව තමාට දන්වා ඇතැයි එහි විදුහල්පති කියයි.
මේ බව අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකට දැනුම් දුන් බවත් විදුහල්පති පවසයි.
විදුහලට පොලිස් ආරක්ෂාව යොදවා ඇති බවත් විදුහලේ සිසුන්ගේ මව් පියෝ පිරිසක් ගේට්ටුව අසල රැඳී සිටින බවත් පොලිසිය කියයි. සැකකරු සැඟවී සිටින බවත් අද දිනය තුළ ඔහු අත් අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බවත් පොලිසිය පවසයි.
පසුගියදා ගුරුවරියකට පහරදුන් සැකකරු අත් අඩංගුවට ගන්නා ලෙස බලකරමින් අනුරාධපුර විලච්චිය මාර්ගය හරස් කර ටයර් පුළුස්සමින් විද්‍යාලයීය දරු දැරියන් හා දෙමාපියෝ උද්ඝෝෂණයක නියැලුණු අතර පැය 24ක් තුළ සැකකරු අත් අඩංගුවට ගන්නා බව එහි පැමිණි අනුරාධපුර සහකාර පොලිස් අධිකාරී සමුද්‍රජීව හෙට්ටිආරච්චි මහතා පැවසීමෙන් පසු විරෝධතාකරුවෝ විසිර ගියහ.




