අනුරාධපුර රාත්‍රී සමාජ ශාලාවේ හිමිකරු වසන්ත සොයිසාගේ ඝාතනය සම්බන්ධයෙන් තවත් හය දෙනකු අද (27) සවස සැකපිට අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු අනුව මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙම සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා බවද පොලිසිය පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද සවස වන විට දස දෙනකුගෙන් පමණ පොලිසිය ප්‍රශ්න කර ඇතැයි පොලිස් ආරංචි කියයි. සොයිසා කපා කොටා මැරූ බව කියන පුද්ගලයා අද උදේ අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බවත් ඝාතනය සැලසුම් කළ බව කියන සෙබළා සොයන බවත් එම ආරංචි සඳහන් කරයි. ඝාතනයට සම්බන්ධ බව කියන මෝටර් රථයක් සොයා පොලිස් කණ්ඩායමක් අද සවස තලාවට ගියේය.
සැකකරුවන් අතර නාවික හමුදාවෙන් පැන ගිය දෙදෙනකුද සිටින බවත් හමුදාවෙන් පැන ආ අනෙක් සැකකරු සොයන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

