අ‘පුර ගයිඩ්ලා නීතිය අතට ගනිති
නවසීලන්ත කතකට මිහින්තලේ ආරාධනා ගල පාමුලදී අතවර කළැයි කියන සංචාරක මඟපෙන්වන්නන් දෙදෙනාගේ මිතුරන් බව කියන පිරිසක් ලංකාදීප හා මවුබිම මාධ්‍යවේදීනට ද මිහින්තලේ හිමිනමකට ද මරණීය තර්ජනය කළැයි අනුරාධපුර පෙලිසියට පැමිණිලි කැර ඇත. ලක්බිම බුද්ධික මහේෂ් විජේසූරිය, ලංකාදීපයේ උපාලි ආනන්ද මහත්වරුනට ද මහේස්ත්‍රාත් උසාවිය අසල දී තර්ජනය කළ බවත් නවසීලන්ත කතට අතවර කරන්නට හැදූ සිද්ධිය පොලිසියට දැන්වූ මිහින්තලේ පොඩි හමුදුඑරුවන් වෙඩි තබා මරා දැමිය යුතු බවත් ඔවුන් කී බව ද පොලිස් පැමිණිල්ලේ සඳහන්වේ. නවසීලන්ත කතට අතවර කරන්නට තැත් කළැයි චන්දන වීරරත්න හා රුවන් කුමාර යන අය යළි රිමාන්ඩ් කරනු ලැබූහ.

