අැන්ටනෝව් විනාශයේ නඩුව අගෝස්තුවේ


පලාලි සිට රත්මලානට ගිය ඇන්ටනෝව් 32 වර්ගයේ ගුවන් යානයක් 2000 මාර්තු 20 වැනි දා විල්පත්තුවේ දී මිසයිල ගසා බිම හෙළා 32 දෙනකු මරණයට පත් කළැයි කියන සිද්ධිය විශේෂ නඩු කටයුත්තක් සේ සලකා අගෝස්තු හතර වැනි දා සිට අඛණ්ඩව විභාගයට ගැනීමට අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය නියෝග කළාය.

සැකකරුවන් වන යාපනයේ ඉරාසතුරෙයි ජෙගන් සහ නල්ලාම් සිවලිංගම් යන කොටි මිසයිල බලඝනයේ  හිටපු සාමාජිකයන් දෙදෙනා ද එදින දක්වා රිමාන්ඩ් කැරිණි.