අැතුගල පුරපති නිවසට මැර ප්‍රහාර


කුරුණෑගල පුරපති ගාමිණී පෙරමුණගේ මහතාගේ නිවසට අද අලුයම මැර ප්‍රහාරයක් එල්ල වී යැයි පොලීසිය කියයි.

කඩුපොලු රැගත් මැරයෝ ත්‍රීරෝද රියකින් පැමිණ ඔහුගේ නිවසේ දොර, ජනෙල්වලට ද වාහන කිහිපයකට ද හානි  කර ඇතැයිද, පුරපතිවරයා නිවසේ සිටියද ඔහුට හෝ නිවැසියන් කිසිවෙකුට හානියක් සිදු වී නැතැයි ද පොලීසිය කියයි.

පුරපති කියනුයේ කලක සිට ගණිකා මඩම් හා ගබ්සා මධ්‍යස්ථාන වලට එරෙහිව ගෙන ගිය සදාචාරාත්මක වැඩවලට එරෙහි පිරිසක් මෙම ප්‍රහාරයට වග කිවයුතු බවයි.

(2)[1] (5)[1] (6)[1] (7a)[1] (7b)[1] (7c)[1]