අෆ්රිඩි ආපසු එයි


පකිස්තානයේ තුන් ඉරියව් කී‍්‍රඩක සහීඞ් අෆ්රිඩි අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගැනීමට ගත් තීරණය වෙනස් කර තිබේ. ඔහු මෙම තීරණය ගැනිමට මුල් වූයේ පකිස්තානු කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපතිව හසිටි ඉජාස් බට් සහ පුහුණුකරු වූ වකාර් යුනිස් සමග ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයකි. සමුගැනිමට ගත් තීරණය නිවේදනය කළ මොහොතේ ඔහු ප‍්‍රකාශ කළේ පවතින පකිස්තාන කි‍්‍රකට් සභාපතිත්වය යටතේ තමන් කිසිදු දිනක ක්‍රීඩා නොකරන බවයි. එහෙත් මේ වන විට සකා අෂ්රෆ් සභාපතිත්වයට පත්ව ඇති හෙයින් අෆ්රිඩි තම තීරණය ආපසු වෙනස් කළ බව ඔහු ප‍්‍රකාශ කළේය. --සභාපතිත්වය වෙනස්වුණා.ඒ වගේම අනිත් හැම දේවලූත් වෙනස් වුණා. මේ හින්දා මමත් මගේ සමුගැනිමේ තීරණය වෙනස් කළා.” 31 හැවිරිදි වියේ පසුවන අෆ්රිඩි සිය සමුගැනීමේ තීරණයට එළඹියේ පසුගිය මැයි මාසයේ බටහිර ඉන්දීය කොදෙව් සමග පැවැති තරගාවලියේ නායකත්වයෙන් ඉවත් කිරිමත් සමගය. -- මම එළඹෙන ශී‍්‍ර ලංකා පකිස්තාන එක්දින තරගාවලියට කී‍්‍රඩා කිරීමට බලාපොරොත්තු වෙනවා” ඔහු තවදුරටත් පැවසුවේය.