(ජයන්ත සමරකෝන්)
අළුගෝසු තනතුර සඳහා තමන් බඳවා ගන්නා ලෙසට ඉල්ලමින් පුද්ගලයන් 8 දෙනෙකු ඉල්ලුම්පත් ඉදිරිපත් කර ඇතැයි බන්ධනාගාර මුලස්ථාන ආරංචි මාර්ග අනාවරණය කරයි.
මෙතෙක් මෙම තනතුර සඳහා ගැසට් පත්‍රය මගින් කැඳවා නැතැයිද ලබන 27 වැනි දා ඒ පිළිබඳ ගැසට් පත්‍රය මගින් ඉල්ලුම්පත් කැදවන බවද එම මුලසථානය කියයි.
දැනට ඉල්ලුම් පත් ඉදිරිපත් කර ඇති අට දෙනාම පිරිමි පුදගලයන් වෙති. තිදෙනෙකුට අධ්‍යාපන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ පවා නොමැති බවද සඳහන් වේ.