දැයෙන් සමුගත් අරිසෙන් අහුබුදු ශුරින්ගේ සිව්වැනි ගුණානුස්මරණය ලබන අගෝස්තු මස 26 දා කොළඹ 07 ශ්‍රි සම්බුද්ධ ජයන්ති ශාලාවේදී පැවැත්වීමට යයි.
හෙළ බසට , කවියට , ගීතයට , සිංහල සාහිත්‍යයට අමිල මෙහෙවරක් ඉටු කළ අරිසෙන් අහුබුදු ශුරින් වර්ෂ 1920 මාර්තු 18 දා කොග්ගල මලලගහ මුදියගහවත්තේ උපත ලැබුවේ දරු තිදෙනකුගෙන් යුත් පවුලක දෙවැනියා ලෙසය.
කතලුව රජයේ පාසලෙන් මුලික අධ්‍යාපනය ලබා ගුරු වෘත්තිය තම ජිවන රටාවට එකතු කරගත් අහුබුදුවන් වැඩිදුර අධ්‍යාපනය ලැබුවේ නිට්ටඹුව රජයේ ගුරු අභ්‍යාස විද්‍යාලයයෙනි.
වසර හතළිස් දෙකක් ගුරුවරයකු ලෙස අනුපමේය මෙහෙවරක් ඉටු කළ අරිසෙන් අහුබුදු ශුරින් කවියකු ලෙස කළ සේවය අමරණිය වන්නේය. ගද්‍යයෙන් පවා පැහැදිලි කිරිමට අපහසු වියරණ ගැටලු , අභිධර්මය පිළිබඳව දහම් කරුණු පද්‍යයට නැඟිම ඔහුට පහසු කරුණක් විය. සිංහල සාහිත්‍යයට නව නළු රසයට දසවැන්න හා එකළොස්වැන්න එක් වුයේ ඔහු විසින් රචිත 1969 දි පල කළ රස දහරෙනි.
ඔහු හෙළ කවියට ඉටු කළ සේවයෙන් බිඳකි. එසේම ගීත රචකයකු ලෙස ඔහු දැක්වු කුසලතාවය බෙහෙවින් ම අගය කළ යුතු වන්නේය. අහුබුදු ශුරින්ගේ දේශාභිමානී ගී අදටත් හෙටටත් සදා කල්ම ගී අම්බරයේ කනක තරුවක් ලෙසින් දිලි දිලි පවතින්නේ ලාංකික ජන හදවතක් කුල්මත් කරවමිනි. ඒ අනුව අද ජනතා සිත් සතන් ඇඳගත් “ලංකා ලංකා පෙම්බර ලංකා පිනවමු ඔබ ලංකා “ ඉන් එකකි. ළමා ගීත රචකයකු ලෙස අහුබුදුවන් දිනාගත් ස්ථානය ද අදටත් අසමසමය.
ඉතිහාසඥයකු, භාෂා විශාරදයෙකු වු ඔහු හෙළ පවුලේ ප්‍රධානිය මෙන්ම අනුශාසකවරයකු ලෙස හෙළ බසට කළ මෙහෙවර සදා අගය කළ යුතු වන්නේය.

