( එම්.සුසිල් පියන්ත)
අහුන්ගල්ල පතිරාජගම අද (11) දහවල් දෙපිරිසක් අතර ඇසිඩ් පහාරයක් හා තියුණු ආයුධයකින් පහරදීමකින් හය දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි.
මේ ගැටුමෙන් දෙපිරිසේම තිදෙනා බැගින් හය දෙනකුටම තුවාල සිදුවී ඇති බවත් මේ හය දෙනා අතර කාන්තාවන් තිදෙනකුද සිටින බවද පොලීසිය කියයි.
එක් පාර්ශවයකින් එල්ල කරන ලද කඩු පහාරයකින් අනෙක් පාර්ශවයේ අයකුට බරපතල තුවාල සිදුව තිබෙන බවත් අනෙක් පාර්ශවය ඊට පිළිතුරු වශයෙන් එල්ල කරන ලද ඇසිඩ් පහාරයකින් හා පහරදීම්වලින් පස් දෙනකු තුවාල සිදුවී ඇති බවත් පොලීසිය කියයි.
පෞද්ගලික ආරවුලක් මත මේ ගැටුම ඇතිවී ඇත්තේ යාබද පවුල් දෙකක් අතර බවද පොලීසිය කියයි.

