ඉන්දු ලංකා ගිවිසුම හා ඔස්ලෝ සම්මුතිය පදනම් කරගත් දේශපාලන විසඳුමක් මෙරට ජාතික ගැටලුව සම්බන්ධයෙන් අවශ්‍ය බව මෙවර මහ මැතිවරණයට තරඟ කරන හිටපු එල් ටී ටී ඊ සාමාජිකයන්ගෙන් සැඳුම්ලත් ප්‍රජාතන්ත්‍රවාදී විමුක්ති පෙරමුණේ මැතිවරණ ප්‍රකාශයකු කිවේය.
මෙම කෝවිල වසර 133 ක් පැරණි බව සඳහන් වේ. 1987 වසරේ අගෝස්තු මස 04 වැනිදා දිනක එල් ටී ටි ඊ සංවිධානයේ හිටපු නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් එම පකෂයේ යාපනය දිස්ත්‍රික් අපේක්ෂක එන්.විදහදරන් මහතා පැවසුවේ ආයුධ අතහැර ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහනයට එළැඹෙන බව සුඩුමලෛ අම්මන් කෝවිල අසල දී විශේෂ ප්‍රකාශයක් කරමින් තම ආයුධ ඉන්දීය හමුදාව වෙත බාර දුන් බවත් එම වැදගත් අවස්ථාව සිහිපත් කරමින් තම ප්‍රතිපත්ති ප්‍රකාශය අම්මන් කෝවිල අසල දී අද (04) එළීදැක්විණි.
විද්‍යාධරන් මහතා සුඩරෝලි පුවත්පතේ හිටපු කතෘවරයකු ලෙස සේවය කර ඇත.
ශ්‍රී ලංකා රජය 2002 දෙසැම්බරයේදී කොටි සංවිධානය සමග නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවරදී ගිවිසුමකට එකඟ වෙමින් ශ්‍රී ලංකාවේ ගැටුමට විසඳුමක් සෙවීම සඳහා ඇති මාර්ග සොයා බැලිය යුතු යැයි තීරණය කළේය.
ඇන්ටන් බාලසිංහම් එම සාකච්ඡාවෙන් පසුව පැවසූයේ මේ සඳහා ශ්‍රී ලංකාවට අලුතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගත යුතු බවයි. එම සාකච්ඡාවට ශ්‍රී ලංකාව වෙනුවෙන් මහාචාර්ය ජී.ඇල්.පීරිස් ශ්‍රී ලංකාවේ ප්‍රධාන නියෝජිතයා විය.


