අහාර විසවීමේ සිද්ධියට හයක් සැක පිට
තලවාකැලේ දෙමළ විදුහලේ දිවා ආහරය(බත් ,පරිප්පු, සොයා, බිත්තර හා තක්කාලි සෝස් ) විස වීමේ
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට විදුහල්පතිවරුන් දෙදෙනකු ,අරක්කැමියන් දෙදනකු හා රාජ්‍ය නොවන සංවිධානයක දෙදනකු සැකපිට අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
රෝහල් වලට ඇතුඵ කළ 560 දෙනකුගෙන් 20 දෙනකු හැර සෙස්සෝ පිටව ගියහ.
ලෝක ළමා දිනය වෙනුවෙන් රජයේ අනුමැතිය නොමැතිව මේ උත්සවය පැවැත්විම ගැන පරීක්ෂණ ආරම්භ කර ඇතැයි
නුවර එළිය මහා දිසාපති ඞී ජී පී කුමාරසිරි මහතා කියයි

