(අමල් වික්‍රමරත්න)
අහංගම රාජ්‍ය බැංකුව කොල්ලකෑමට සැලසුම් කළ ප්‍රධාන සැකකරු බූස්ස යුද හමුදා කදවුරේ සන්නාහ සන්නද්ධ බළකායේ අවි ආයුධ ගබඩාවේ අධීක්ෂණ නිලධාරී වශයෙන් කටයුතු කළ යුද හමුදා කපිතාන්වරයකු බව හෙළී වී ඇත.
මොහු සැකපිට අත්අඩංගුවට පත්ව කරාපිටිය රෝහලේ පොලිස් ආරක්ෂාව සහිතව මේ වනවිට ප්‍රතිකාර ලබන බව පොලිස් ආරංචිමාර්ග පවසයි.
කොල්ලකෑම සඳහා ජීව අත්බෝම්බයක් උපයෝගී කරගෙන තිබු අතර ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දීත් එය ඔහු අත තිබී සොයා ගෙන ඇත.

