අහංගම ට්‍රිපර් රථ අනතුරකින් දෙදෙනෙක් මරුට


 


 
සිරංගිකා ලොකුකරවිට 
 
ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ අහංගම, වැල්හේන්ගොඩ ප්‍රදේශයේදී අද (6) ටිපර් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෝටර් රථයේ ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදනක් මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. 
 
මෙලෙස මියගොස් ඇත්තේ මව වන වික්‍රමගේ දයාවතී(58) හා ඇගේ දියණිය වනරසිකා ප්‍රියදර්ශනී(28) යන අයයි.
 
මොටර් රථයේ හතර දෙනකු ගමන් කර ඇති අතර වයස අවුරුදු දෙක හමාරක් වයසැති දැරියක් හා අවුරුදු තිහක පිරිමි පුද්ගලයකු තුවාල ලබා ඇත.
 
මොවුන් අඟුණකොලපැලැස්ස, හැලේකඩ පදිංචිකරුවන් වන බවත් අනතුර සම්බන්ධ සැකපිට ටිපර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය පවසයි.