මරදාන අසෝක විද්‍යාලයයට විදුහල්පතිවරයකු පත් කිරීමේ දී නීත්‍යනුකූලව, නිවැරදි ක්‍රමවේදය අනුගමනය කරමින් සුදුසුකම් සහිත විදුහල්පතිවරයකු පත් කර ඇත්දැයි යන්න සොයා බලා වාර්තාවක් එවන ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලෙවි මව්ලානා මහතා පළාත් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් දී ඇත.
එම විද්‍යාලයයට දේශපාලන හිතවත්කම් මත විදුහල්පතිවරයකු පත් කර ඇතැයි කියමින් මැයි 21 වැනි දා ලංකා ගුරු සංගමය කළ පැමිණිල්ලක් අනුව එම වාර්තාව කැද වූ බව ආණ්ඩුකාර ලේකම් කාර්යාල ආරංචි කියයි.
ඡන්ද සමයේ මෙම විද්‍යාලයයේ බස් රථය ආණ්ඩුවේ දේශපාලකයකුගේ වැඩ සදහා ලබා දුන් බව කියමින් විදුහල්පතිට එරෙහිව ගුරුවරු රැසක් විරෝධතා පැවැත්වූහ. ඒ උද්ඝෝෂණයෙන් පසු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් පාසලට පැමිණ විදුහල්පති තාවකාලිකව ඉවත් කර වෙනත් විදුහල්පතිවරයකු පත් කරනු ලැබීය.
මීට සති දෙකකට පමණ පෙර ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සහ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් පාසලට පැමිණ පැවැත්වූ රැස්වීමකින් පසු නැවත හිටපු විදුහල්පතිම එම විද්‍යාලයට පත් කළේය.
විදුහල්පතිට අකමැති ගුරුවරුන් සිටින්නේ නම් ස්ථාන මාරු ඉල්ලන ලෙස අධ්‍යාපන බලධරයකු එදින කළ ඉල්ලීමක් අනුව ගුරුවරු රැසක් ස්ථාන මාරු ඉල්ලීම් ඉදිරිපත් කළ අතර ගෙවුණු මාස තුන ඇතුළත එම විද්‍යාලයයේ ගුරුවරු 27ක් ස්ථාන මාරු කරනු ලැබූහ.
ඉතිරි ගුරුවරුන් ද ළගදීම ස්ථාන මාරු කිරීමට නියමිත බව අධ්‍යාපන ආරංචි මාර්ග කියයි.
විද්‍යාලයයේ තත්ත්වය ගැන සාකච්ඡා කිරීමට දේශපාලනඥයකු හමුවීමට එන්නැයි පාසලේ ශිෂ්‍ය නායකයන්ට දැනුම් දී තිබූ අතර දේශපාලනඥයන් සමග සාකච්ඡා කිරීමට අකමැති වූ ශිෂ්‍ය නායකයෝ කිහිප දෙනෙක් තනතුරින් ඉවත් වූහ.
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ විද්‍යාලයයට දේශපාලනය මැදිහත්වීම නිසා ගුරුවරුන්, සිසුන් මෙන්ම දෙමාපියන්ටද ගැටළුවක් මතු වී ඇති බවයි.
විදුහල්පතිට විපක්ෂව උද්ඝෝෂණය කර පිරිස් මර්දනය කිරීමට දේශපාලනඥයකුගේ පිරිසක් යොදා ඇති බවත්, මේ වන විට අශෝකයේ ගුරුවරුන් රැසකට ස්ථාන මාරු වීම් ලැබී ඇති බවත්, විද්‍යාලයයේ මේ තත්ත්වයට ඉක්මන් විසදුමන් නොලැබුණහොත් කොළඹ කලාපයේ සියලු ගුරුවරුන් වැඩවර්ජනයක් කරන බවත් ස්ටාලින් මහතා කීවේය.
එක් පුද්ගලයකු තියා ගැනීමට විශාල පිරිසක් ස්ථාන මාරු කිරීම හෙළා දකින බව ද හෙතෙම පැවසීය.
පළාත් අධ්‍යාපන ලේකම් එස් ටී කොඩිකාර මහතා පැවසුවේ විදුහල්පතිගේ වරදක් ඔප්පු වී නැති හෙයින් ඔහු නැවත එම තනතුරට පත් කළ බවයි.
කොඩිකාර මහතා මෙසේ ද පැවසීය.
‘විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස ගුරුවරුන් කොටසක් ස්ථාන මාරු කළා. තවත් කොටසක් ස්ථාන මාරු ඉල්ලා තිබුණා. ආයතනයක ප්‍රධානියත් එක්ක ඉන්න බැරිනම් ගැටුම් ඇති කරන්නවාට වඩා එතැනින් යන එක හොදයි.
පාසලෙන් පිටත යම් සිද්ධයක් වෙනවා නම් ඊට මැදිහත් වෙන්න මට හැකියාවක් නෑ. පොලිසිය ඊට මැදිහත් විය යුතුයි. ‘

