අසූ කෝටියේ රියත් ඡන්ද වැඩට


අධි සුඛෝපබෝගී වාහන ලෙස සැලකෙන ලිමොසීන් රථද මෙවර ඡන්ද වැඩට යොදාගෙන ඇත. රුපියල් අසූ කෝටියක් වටිනා ලිමොසීන් වෑන් රියක්ද ඒ අතර වේ. දැනගන්නට ඇති විදියට මෙවැනි රථ ශ්‍රී ලංකාවේ ඇත්තේ දෙකක් පමණි. ශ්‍රී ලංකාවේ ඇති මුළු ලිමොසීන් සංඛ්‍යාව දෑතේ ඇඟිලි වලට අඩු වුවහොත් මිස වැඩි නොවේ. අකුරු තුනක නමක් ඇති ඒ නමේ හැටියට වැඩ නැති පුද්ගලයකු මේ රථයේ හිමිකරු බව කියති. ඔහුගෙන් රථය ගත් පුද්ගලයා මයුරයකුසේ එය පාවිච්චි කරතියි කියති.

මේ රථය හිමිකරු හා දැන් එය පාවිච්චි කරන්නා ගජ මිතුරෝය. ඒත් දෙන්නා දෙපැත්තේය. හිමිකරුද වරින් වර පුවත් මවයි.