අසාදු ලේඛණයෙන් ශ්‍රී ලංකාව ඉවත්කරගැනීමට පියවර ගන්නවා - මහ බැංකු අධිපති


යුරෝපා සංගමයේ මුදල් විශුද්ධිකරණ අසාදු ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවත් කරගැනීම සඳහා ක්‍රමවත් සැලැස්මකට අනුව ක්‍රියාකරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (15) කීය. 
 
ඒ අනුව මේ වසරේ ඔක්තෝබර් මාසය වනවිට ශ්‍රී ලංකාව එම අසාදු ලේඛනයෙන් ඉවත් කර ගැනීමට හැකිවනු ඇතැයි ද ඒ සඳහා මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් වූ ආසියා ශාන්තිකර සංවිධානය සමඟ කටයුතු කරන බව ද මහ බැංකු අධිපතිවරයා එහිදි කීය. 
 
මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකු ශ්‍රවණාගාරයේ අද (15) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඒ බව පැවැසීය. 
 
යුරෝපා සංගමයේ මුදල් විශුද්ධිකරණ අසාදු ලේඛනයට ශ්‍රී ලංකාව ද ඇතුළත් කළ බව යුරෝපා පාර්ලිමේන්තුව නිල වෙබ් අඩවිය පසුගිය සතියේදී වාර්තා කළේය. 
 
055