
(කේ.පී.සුමනදාස)
හද්ද පිටිසර ආර්ථික අපහසුතා තිබෙන එහෙත් උනන්දුව උත්සහය ඇති දූ දරුවන්ට යම් කිසි අත්වැලක් ලබාදීමේ අරමුණ ඇතිව ආරම්භ කරන ලද සූරියවැව මීගහජදුර නාසෙවන ගංගාරාම ශ්‍රී ජිනරතන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ඇති කරනු ලැබුවා.
එහි අපේක්ෂා අරමුණු කරා මේ වන විට අපි ළඟා වෙමින් සිටිනවා යැයි කොළඹ නව කෝරලේ ප්‍රධාන සංඝනායක හුණුපිටිය ගංගාරාම විහාරාධිපති කිරින්දේ අස්සජි නා හිමියෝ පැවැසීහ.
අස්සජී හිමියෝ මෙසේ පැවැසුවේ සූරියවැව ප්‍රාදේශීය සභා සම්මන්ත්‍රණ සභා රැස්වීම් ශාලාවේදී ජපන් භාෂා පුහුණුව සදහා එක්ව සිටි සිසු සිසුවියන් පිරිසකට අවශ්‍ය පොත් කට්ටල ලබාදීමේ වැඩ සටහනකට සහ සූරියවැව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පාසල් යන අඩු ආදායම්ලාභී පවුල්වල සිසු සිසුවියන් 40 දෙනකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අස්සජී හිමියෝ මෙසේ ද කීහ.
මෙම ප්‍රදේශයේ ජීවත්වන ජනතාව වර්ෂාව වැටෙනකම් බලාගෙන ඉඳල යම් වගාවක් කරලා පොලොව එක්ක පොර බදලා තමා ජීවත් වන්නේ. ඔවුන්ගේ දරුවන්ටත් එමගින් යම් ශක්තියක් ධෛර්යක් ලැබිලා තිබෙනවා. නමුත් ආර්ථික අපහසුතා නිසා ඉදිරියට එන්න විදියක් නැහැ. අපි කරන්නේ ඔවුන් ඉදිරියට ගෙන සමාජයේ උසස් තත්වයට නංවා ලීමයි.
ඒ සදහා 5 පන්තියේ සිට විශ්වවිද්‍යාලය යන තෙක් අපි විසින් අඩු ආදායම් ලාභී පවුල් 40 ක් තෝරාගෙන ගලබොඩ ඤාණිස්සර පදනම විසින් පිරිනමනු ලබන ශිෂ්‍යත්ව පිරිනමනවා ජපානයේ ජොසියෝකා සංස්කෘතික හා අධ්‍යාපන පදනම විසින් මීගහජදුර නා සෙවන ගංගාරාම ජිනරතන වෘත්තීය පුහුණු ආයතනයේ ජපන් භාෂාව හදාරන අයට ජපන් භාෂාව ඉගෙන ගැනීමේ පසුව සදහා පොත් කට්ටලයක් ලබා දෙනවා.



