අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයේ ක්‍රියාකලාපය නිසා මෛත්‍රීපාල සිරිසේන ජනපති ද අසරණ වී ඇතැයි ද දුන් පොරොන්දු ඉටු නොකරණ මේ රජයේ සිටීමෙන් පළක් නැතැයි ද රජයෙන් ඉල්ලා අස්වූ පවිත්‍රා වන්නිආරච්චි ඩිලාන් පෙරේරා, මහින්ද යාපා අබේවර්ධන හා සී.බී.රත්නායක ඇමතිවරු කොළඹ දී අද ප්‍රකාශ කළහ. විපක්ෂ නායක කාර්යාලයේ දී මාධ්‍යවේදීන් හමුවේ ඔවුන් පැවසුවේ මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා වන 20 වැනි සංශෝධනයට සහය දෙන බවයි.
‘‘අද ආණ්ඩුව කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා. පලිගැනීම හැර අන් දෙයක් කරන්නේ නැහැ. පොලිස්පතිට අණ දෙන්නෙත් ඔහු. “
(වීඩියෝ සනත් ඩෙස්මන්)
(වීඩියෝ ඉෂංක සුනිමල්)
(ඡායාරූපය ඉෂාන් සංජීව)
(ඡායාරූප ඉෂංක සුනිමල්)





