
(අංජුල මහික වීරරත්න)
2026 වර්ෂයේ ජුලි මාසයට අදාලව අස්වැසුම සුබසාධක ප්රතිලාභ ගෙවීම් යෝජනා ක්රමයේ පළමු අදියරේ අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් 621,638 දෙනෙකුට වැඩිහිටි දීමනා රුපියල් කෝටි 310.819 ක මුදලක් හා අස්වැසුම සුඛසාධක ප්රතිලාභ ගෙවීම් යෝජනා ක්රමයේ දෙවන අදියරේ අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් 77324 දෙනෙකුට වැඩිහිටි දීමනා රුපියල් කෝටි 38.662 ක මුදලක් හෙට(31) අදාළ ප්‍රතිලාභීන්ගේ අස්වැසුම බැංකු ගිණුම්වලට බැර කිරීමට නියමිතය.
අදාළ ප්‍රතිලාභීන්ට තම ප්‍රතිලාභී මුදල් ජුලි මස 31 වන දින සිට අස්වැසුම බැංකු ගිණුම් මගින් ලබාගත හැකි බව සුබ සාධක ප්රතිලාභ මණ්ඩලයේ සභාපති නිමල් කොටවල ගෙදර මහතා පවසයි.

