අස්වැන්න අඩු වුවහොත් පාඩුව රජයෙන් අයකරගන්නවා


නිමල කොඩිතුවක්කු
 
පොහොර හිඟය හේතුවෙන් මෙවර වී අස්වැන්න අඩු වුවහොත් එහි පාඩුව රජයෙන් අයකරගැනීමට කටයුතු කරන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අද (03) පැවසීය.
 
නියමිත වේලාවට පොහොර නොලැබීම හේතුවෙන් වී ගොවිතැනට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී රජයට එරෙහිව දැවැන්ත විරෝධතාවයක් එල්ල කරන බවත් ඔහු කියා සිටියේය.
 
පොහොර සඳහා අවශ්‍ය මුදල් සහ පොහොර ලබා දී ඇති බවට ආණ්ඩුව මාධ්‍ය ප‍්‍රකාශ නිකුත් කලද බොහෝ ගොවීන්ට මෙතෙක් එම මුදල් ලැබී නොමැති බවත් නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.